Thursday, May 02, 2024
Follow Us
දේශීය ගොවියා සහ දේශීය ව්‍යාපාරිකයා ශක්තිමත් කරන හැටි ගෝඨා මහනුවර දී කියයි

දේශීය ගොවියා සහ දේශීය ව්‍යාපාරිකයා ආරක්ෂා කිරීම සඳහා ගත යුතු පියවර තමන්ගේ ආණ්ඩුවක් යටතේ ගන්නා බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

විදේශ රටවලින් එළවළු ආනයනය කිරීම බෝග වගාවන් ආනයනය කිරීම නතර කරන බවත් දේශීය කෘෂි ආර්ථිකය ශක්තිමත් කර රට සමෘද්ධිමත් කිරීමට පියවරක් ගන්නා බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ මහනුවර හේවාහැට නාවලපිටිය ඇතුළු ප්‍රෙද්ශ කිහිපයක පැවති රැස්වීම් වලට සහභාගී වෙමිනි.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයෝ රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

(Lanka Leads)