Wednesday, September 17, 2025
Follow Us
අජන්තා සහ බහුජාතික සමාගම් ගැටුම ඇරඹෙයි!

ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම රටක පාලකයන්ගේ ප්‍රමුඛතම කාර්ය භාරය වන බව ජනාධිපති අපේක්ෂිකා ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය පෙන්වා දෙයි.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලෙස වර්ගීකරණයක් ඇත්තේද උක්ත කාරණයක් නිසාවෙන් බවයි ඇය සඳහන් කරන්නේ.

ඒ අනුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල වැඩි කිරීමක් සිදුකිරීමට නොහැකි බවද ඇය කියාසිටියි.

විශේෂයෙන් නිෂ්පාදන අංශයද දියුණු කරමින් දියර කිරි නිෂ්පාදනය වැඩිකිරීමට කටයුතු කරන අතර පළිබෝධ නාශක සම්බන්ධයෙන් දැඩි සීමා පනවන බව අජන්ත පෙරේරා මහත්මිය වැඩිදුරටත් කියාසිටියාය.

(LNW)