එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේ දිනවල දිගට හරහට මැතිවරණ වේදිකාවේ හයේ හතරේ පහර එල්ල කරමින් සිටින්නීය. ජනාධිපතිවරණයේ ප්‍රතිවාදී වේදිකාවේ සිටින්නන් පමණක් නොව ජනාධිපතිවරයා පවා ඇයගේ විවේචනයට ලක්ව සිටී.
අතුරුගිරිය ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ඇය ප්‍රකාශ කළේ රාජපක්ෂලාගේ හොරකම්, වංචා සියල්ල ආරක්ෂා කළේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවයි. ඒ නිසා රාජපක්ෂ පාලන සමයේ සිදු වූ හොරකම්, වංචා-දූෂණ, අපරාධවලට සම්බන්ධ කිසිවෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බව ඇය පවසනවා.
එදා සෝභිත හාමුදුරුවන්ගේ දෙපා නැමද බලයට පැමිණි මෛත්‍රීපාල සිරිසේන මහතා අවසානයේ ශ්රීලනිපය බදා ගනිමින් ජනමතයට පිටුපෑ බව ද ඇය පවසනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන ක්ෂේත්රයේ ප්රවීණයන පවසන්නේ හිරුණිකා විසින් මේ සිදු කරන්නේ දුමින්ද සිල්වා නිදහස් කිරීමට පාර කැපීමක් බවයි. හිරුණිකා මේ අන්දමින් දැඩිලෙස ජනාධිපතිවරයාට ප්‍රහාර එල්ල කරන්නේ නම්, විවේචන එල්ල කරන්නේ නම් ජනාධිපතිවරයාට දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීමට වුවද කටයුතු කරනු ඇතැයි ඔවුන් පෙන්වා දෙනවා.
ඔවුන් පවසන පරිදි දුමින්ද සිල්වාට එරෙහිව ලැබුණු නඩු තීන්දුවේද ගැටලුවක් තිබේ. දුමින්ද සිල්වාගේ සහ භාරත ලක්ෂ්මන්ගේ පිරිස අතර ඇති වූ වෙඩි හුවමාරුවේදී මුලින්ම වෙඩි තැබීම සිදුකර ඇත්තේ භාරත ලක්ෂ්මන්ගේ පාර්ශ්වයෙන් බව පරීක්ෂණවලදී තහවුරු විය. ඒ අනුව දුමින්ද සිල්වාගේ පාර්ශ්වය ප්‍රතිප්‍රහාර එල්ල කරන්නේ ආත්මාරක්ෂාව වෙනුවෙන් හා ඇති වූ හදිසි කේන්තිය මතයි. දුමින්දට එරෙහිව තීන්දුව ප්‍රකාශයට පත් කිරීමේදී මේ තත්වය සලකා බලා නොමැත.
ඉදිරියේදී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව හිමිවීමේ වැඩි ඉඩක් ඇති අතර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය ඒ සඳහා ජනාධිපතිවරයාට උත්තේජන සපයමින් සිටී.
මේ අතර මීට කලකට පෙර සිදු වූ සුප්‍රකට රෝයල් පාක් ඝාතනයේ වරදකරු වූ ජූඩ් සාමන්ත ඇන්තනි ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබේ. ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කළේ අදාල ඝාතනය සිදුවන විට 19 හැවිරිදි වියේ පසු වූ ඝාතකයා මේ වනවිට 32 හැවිරිදි වියේ පසුවන බවයි. ඔහු මේ වනවිට සිරගතව සිටිමින්ම ආචාර්ය උපාධියක් ද සම්පූර්ණ කරගෙන ඇති අතර සිරගතව සිටි කාලසීමාවේදී ඉතා යහපත් ආකාරයෙන් කටයුතු කර තිබේ.
(LNW)