Saturday, November 30, 2024
Follow Us
සජිත් ජනපති වූ විගසම සිගරැට් එකක් බැගින් විකිණීම තහනම් කරනවා

සජිත් ප්‍රේමදාස මහතා ජනපති ධුරයට පත්වූ විගස තම ප්‍රථම රාජකාරිය ලෙස සිගරැට් එකක් විකිණීම තහනම් කිරීමට අව්‍යශ නීතිමය කටයුතු සම්පාදනය කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිත්වයෙන් යුතුව පිහිටුවන නව රජයක් යටතේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදු විය යුතු ප්‍රවර්ධන ක්‍රියාවලීන් සම්බන්ධයෙන් ජනපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාත්, වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයින් සමඟ පැවති සාකච්ජාවකදී සෞඛ්‍ය ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

කොළඔ වෝටර්ස් එඩ්ජ් හෝටලයෙහි පෙරේදා (21) පැවැති සාකච්ජාවේදී මේ බව පැවැසුවේය.

ඇමැතිවරයා මෙසේද පැවැසුවේය. දුම්කොළ පාලනය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ රාමු සම්මුතියට අනුව මේ වන විට එහි සම්මුතීන් 22 න් 21 ක් අප රට ක්‍රියාත්මක කර තිබෙනවා. අවසන් සම්මුතිය වන තනි දුම්වැටිය විකිණීම තහනම් කිරීම පිළිබඳ සම්මුතිය ක්‍රියාත්මක කිරීමට අදාළව තමා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ ද ඊට මහා භාණ්ඩාගාරයෙන් විරුද්ධත්වය පළ කළා. දුම්කොළ සම්බන්ධයෙන් තමන් මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් රජයට ලැබෙන විශාල බදු ආදායමක් අහිමි වන බැවින් සහ තනි සිගරට්ටුව විකිණීම තහනම් කිරීම නිසා තවත් බදු ආදායම් රජයට අහිමි වන බැවින් ඔවුන් ඊට විරුද්ධත්වය පළ කළා.

ඉතිහාසයේ කිසිදු රජයක් විසින් ක්‍රියාත්මක නොකළ සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් ගන්නා ලද එම ක්‍රියාමාර්ග ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ද පැසසුමට ලක් වූ බව ද ඇමැතිවරයා මෙහිදී පෙන්වාදීම සිදුකෙරිණ.

(Dinamina)