Saturday, May 04, 2024
Follow Us
ගෝඨාගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රීලනිප-පොහොට්ටු ඒකාබද්ධ කමිටුවක්

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය කිරීම සඳහා ජාතික ඒකාබද්ධ කමිටුවක් පත්කර ගෙන තිබේ.

මෙම කමිටුවට පක්‍ෂ දෙකේම නියෝජිතයන් පත්කර තිබෙන අතර, එම කණ්ඩායම් දිනපතා රැස්වී ඒකාබද්ධ වී අදාළ තීන්දු තීරණ ගනු ලබයි.

මීට අමතරව පක්‍ෂ දෙකේ ආසන සංවිධායකවරුන් එක් කර දිස්ත්‍රික් කමිටු සකස් කර තිබෙන අතර, මෙම කණ්ඩායම සතියේ එක් දිනක් රැස් වී ඉදිරි සතියේ වැඩපිළිවෙළ පිළිබඳ තීන්දු තීරණ ගැනීම සිදුකරන බව පක්‍ෂ නියෝජිතයෝ සඳහන් කරති.

එසේම දිස්ත්‍රික් කමිටු රැස්වන දින ඊට පෙර සතියේ සිදුකළ වැඩසටහන්වල අඩුපාඩු සාකච්ඡා කර අවශ්‍ය කටයුතු කිරීමත් සිදුකරනු ලබයි.

පක්‍ෂ දෙකම ඒකාබද්ධ වී කටයුතු කරන නිසා (23දා) දින සිට පක්‍ෂ දෙකේම නියෝජිතයන් රැස්වී මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම සඳහා ඒකාබද්ධ මාධ්‍ය මෙහෙයුම් මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

රාජගිරිය ප්‍ර‘දේශයේ මෙම මාධ්‍ය මධ්‍යස්ථානය ස්ථාපිත කර තිබෙන අතර, එහි පළමු මාධ්‍ය සාකච්ඡාව (23දා) දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිත ඩලස් අලහප්පෙරුම සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක යන මහත්වරුන් විසින් එක්ව පවත්වනු ලබයි.

(Lanka Leads)