Saturday, May 04, 2024
Follow Us
ජනපති මෛත්‍රී ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට..? ඌව ආණ්ඩුකාර ධූරය මන්ත්‍රී ඩිලාන්ට දෙන්න සාකච්ඡා..?

දේශපාලන ප්‍රබලයෙකු නැවත වතාවක් පාර්ලිමේන්තුවට ඒමට කටයුතු සකසන බවට විශ්වාස දායක ආරංචි මාර්ග සදහන් කරයි.

පසුගිය දිනෙක පාර්ලිමේන්තු මංත්‍රීධූරය ලබගැනීම වෙනුවෙන් ජාතික ලැයිස්තුවෙන් පත්කල මංත්‍රීවරුන්ගෙන් කාරුණික ඉල්ලීමක් කලද ඒ සදහා කිසිවෙකුත් ඉල්ලා අස්වීමේ කැමැත්තක් ප්‍රකාශ කර නොමැත.

නමුත් අවසානයේ ඩිලාන් පෙරේරා සිය කැමැත්ත ප්‍රකාශ කර සිටි නමුත් ඔහුට ඒ වෙනුවට ඌව පළාත් ආණ්ඩුකාරධූරය ලබාදෙන ලෙසට ඉල්ලීමක්ද කළේය. දැනට ඌව පළාත් ආණ්ඩුකාර ධූරය දරණුයේ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා වන අතර ඔහුට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට ඉල්ලීමක් කර ඇතැයිද වාර්තාවේ.

මේ වනවිට ඌව පළාත තුල නව පිබිදීමක්ද ජනතාවද ආණ්ඩුකාර වරයාගේ දූරදර්ශි වැඩපිලිවෙළට ප්‍රසාදය ද පළකර ඇත. උමාඔය වන්දි ගැටලුව විසදීම , වනවගාව, පුරන් කුඹුරු අස්වැද්දීම , බදුලු නගරයේ කුණුකන්ද ඉවත්කිරීම ඇතුලු බොහෝ වැඩසටහන් මෙන්ම ජනතාවාදි වැඩසටහන් ද ක්‍රියාත්මක වේ.

(Lanka Leads)