Saturday, May 04, 2024
Follow Us
සම්බන්ධන් ගැන මංගලගෙන් පැහැදිළි කිරීමක්

දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබා නොගත්තද ගත වූ වසර පහේදී ඔවුන් සමග වත්මන් ආණ්ඩුව එක්ව කටයුතු කළ බැවින් ඔවුන් සමග නව ගිවිසුම්වලට එළඹීමට අවශ්‍ය නොවන බව අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

වැලිගම ප‍්‍රදේශයේ පැවති ජන හමුවකදී ඔහු මෙම අදහස් පළ කළා.

එහිදී "එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජාතික පෙරමුණ, සජිත් ප්‍රේමදාස මහතා දෙමළ ජාතික සන්ධානය සහ මුස්ලිම් කොංග්‍රසය එක්ක දැන් ගිවිසුමක් ගහල ලු.. රට පාවා දෙන්න. අපිට කිසි ගිවිසුමක් ගහන්න ඕනේ නෑ. ඔය පක්ෂ එක්ක අද ඊයේ නෙමෙයි 2014 ඉඳන්ම එකට වැඩ කරගෙන එන්නේ. ඒ පක්ෂ එක්ක තමයි අපි ආණ්ඩු හැදුවේ. දෙමළ ජාතින සන්ධානය ආණ්ඩුවේ ඇමතිකම් නොගත්තාට අපි එකට වැඩ කරගෙන ආවේ. ඒ නිසා අලුතෙන් අපිට ගිවිසුම් ගහන්න දෙයක් නෑ.. 2013දී අපි යාපනයට ගියා මැයි දිනයේදී. එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය අපි සැමරුවේ යාපනයේදී. ඒ රැස්වීමේදී සම්බන්ධන් මහත්තයා ඇවිල්ලා ජනතාව ඉදිරියේ ශ්‍රී ලංකාවේ කොඩිය ඔසවපු එහෙම නැත්නම් ඒක වනපු එකම දෙමළ නායකයා. " යනුවෙන් ද සඳහන් කළා

(Neth)