Saturday, May 04, 2024
Follow Us
තවත් පාස්කු ප්‍රහාරයකට ඉඩදෙන්නේ නැහැ… අන්තවාදයට එරෙහිව වැට බදිනවා. ගෝඨාභය අවධාරණය කරයි.

අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයට අදට මාස හයක් ගත වී තිබෙන බවත් ඊට සම්බන්ධ පුද්ගලයින්ට මේ දක්වා නීතිය ඉටුවී නොමැති බවත් එමගින් පීඩාවට පත් ජනතාව තව දුරටත් පීඩා විදිමින් සිටින බවක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

තම රජයක් යටතේ පාස්කු ඉරිදා ප්‍රහාර යළි සිදු වීමට ඉඩ නොතබන බවත් මීට පෙර තිබුණු සුරක්ෂිත රට යළිත් ජනතාවට ලබාදීමට තමා කැපවන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියේය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද තංගල්ල බෙලියත්ත ඇතුළු හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැවති ජන රැලි කිහිපයකටම සහභාගි වෙමිනි. හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් ද මෙම ජන රැලිවලට සහභාගී විය.

(Lanka Leads)