ජනාධිපතිවරණය ඉලක්ක කොට දෙමළ ජාතික සන්ධානය විසින් ඉදිරිපත් කර ඇති කරුණු දහතුනකින් යුතු යෝජනාවලිය සම්පූර්ණයෙන්ම පරාජය කළ යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ෆෙඩරල් ස්වයං තීරණ අයිතිය ගන්නා, උතුරු නැගෙනහිර දෙපළාත ඒකාබද්ධ කර වෙනම රාජ්‍යයක් නිර්මාණය කිරීම ඇතුළු රටට අහිතකර යෝජනාවලින් යුතු ලියවිල්ල හේතුවෙන් රට යළි ජාතික අර්බුදයක් කරා යොමු විය හැකි යැයි මහනුවරදී මහා නායක හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා කීහ.
මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතු සිය පිළ මෙම යෝජනාවලිය ප්‍රතික්ෂේප කරන බවත් ප්‍රතිවාදී ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගෙන් මෙම යෝජනාවලිය පිළිබදව සිය මතය හෙළි කළ යුතුව ඇතැයිද ඒ මහතා සදහන් කළහ.
නමුත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දිනෙක උතුරු පාළාතේ කළ සංචාරයකදී මෙවැනි යෝජනාවලියක් පිළිබඳව සුභවාදී ස්ථාවරයකින් අදහස් දැක්වූ නිසා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ් ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයේ මතය වෙනස් මතයක් විය හැකි යැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.
කෙසේ නමුත් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ සම්බන්ධ සන්ධානයේ සියලුම පාර්ශවකරුවන් දෙමළ ජාතික සන්ධානයේ යෝජනාවලිය පිළිබඳව සිය ස්ථාවරය කඩිනමින් රටට හෙළි කළ යුතුව ඇතැයි ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
(LNW)