Saturday, July 27, 2024
Follow Us
බාල වල් නාශක හා කෘමි නාශක වැටලීම් දැඩි කර තිබෙනවා- කෘෂිකර්ම ඇමැති

ප්‍රමිතියෙන් බාල වල් නාශක හා කෘමි නාශක වර්ග වැටලීමේ ක්‍රියාවලිය දැඩි කර තිබෙන බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී.එස්. කුමාරසිරි මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසීය.

බෝට්ටු මඟින් ඇතැම් කෘෂි රසායනික බෙහෙත් වර්ග ගෙන එන බවත් බලපත්‍ර නොගත්ත සිල්ලර කඩවල පවා එවැනි කෘමි නාශක වර්ග අලෙවි කෙරෙන බවත් ඒ සඳහා ගන්නා නීතිමය ක්‍රියාමාර්ග කුමක්දැයි මන්ත්‍රීවරයා, අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ ය.

එහි සත්‍යතාවක් තිබෙන බව කී අමාත්‍යවරයා, මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙන බවත් පසුගිය කාලයේ කෘමි සහ වල්නාශක තහනම් කළ නිසා නීති විරෝධි ලෙස බෝඑට්ටු වලින් ගෙනවිත් තිබෙන බව පෙන්වා දුන්නේ ය.එහෙත් මේ වනවිට තහනම ඉවත් කර ඇති බව කී අමාත්‍යවරයා,වැටලීම් දැඩි කර අධිකර්න ක්‍රියාමාර්ග පවා ගෙන ඇතැයි සඳහන් කළේ ය.බෝට්ටු මඟින් කෘමි නාශක වල් නාශක ගෙන ඒම වැළැක්විමට කටයුතු කරන ලෙස නාවික හමුදාවට ද දැනුම් දී ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

පොහොර බෙදා හැරීම පිළිබඳව කරුණු පැහැදිළි කළ අමාත්‍යවරයා;
ගොවීන්ට මඩ පොහොර නොමිලේ ලබාදෙනවා. යූරියා පොහොර ඊළඟ නැව එන විට තවත් මිල අඩු කර දෙන්න බලාපොරොත්තු වෙනවා. බන්ඩි පොහොර මිල අඩු කරන්න බලාපොරොත්තු වෙනවා. පොහොර ලබාගැනීමට වවුචර් පත් ලබාගැනීමට අවස්ථාව ලබාදී තිබෙනවා.සහනාධාර ගණනාවක් රජය ක්‍රියාත්මක කරනවා'' පැවසීය