ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය ගන්නා පියවර කුමක්ද යන්න සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයකට පැමිණ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව සහාය දෙන්නේ කුමන අපේක්ෂකයාටද යන්න තීරණය කරන බවත්, ඒ අනුව මේ වනවිටත් එවැනි සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවත් සුමන්තිරන් මහතා පවසයි. ඕනෑම අපේක්ෂකයෙකු සමග සාකච්ඡා කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානය සූදානම් බව ද ඔහු සඳහන් කරයි.
සජිත් ප්‍රේමදාස මහතා උතුරට පැමිණි අවස්ථාවේදී ඔහු සමග සාකච්ඡා කළ බවත් ඔහු සහභාගි වූ උත්සවවලට සහභාගි වූ බවත් පෙන්වා දෙන සුමන්තිරන් මහතා පවසන්නේ එහෙත් සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ සටනට සහාය දැක්වීමක් ලෙස සැළකිය යුතු නොමැති බවයි. උතුරට එන ඕනෑම ඇමතිවරයෙකු සමග සහයෝගයෙන් කටයුතු කිරීම සාමාන්‍ය දෙයක් බව ද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.
දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් මන්ත්‍රීවරුන් සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබාදෙන බව ප්‍රකාශ කර තිබුණද එය ඔවුන්ගේ පෞද්ගලික මතය මිස දෙමළ සන්ධානයේ මතය නොවන බවද සුමන්තිරන් මහතා පවසනවා.
(LNW)