ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුමන තීරණයක් ගත්තද තමා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වීමට තීරණය කර ඇති බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිිරිපාල ද සිල්වා මහතා පවසයි. ඊයේ (29) බදුල්ලේ පැවති ශ්‍රීලනිප පක්ෂ සාමාජිකයන්ගේ හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.
මේ වනවිට ශ්‍රීලනිපයේ ඉතිරිව ඇති මන්ත්‍රීවරුන්ගෙන් එක් පිරිසක් ගෝඨාභය රාජපක්ෂට සහාය දැක්වීමටත්, තවත් පිරිසක් එජාප අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමටත් තීරණය කර ඇති බව නිමල් සිරිපාල මහතා පවසයි. ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 05 දෙනෙකු මේ වනවිටත් සජිත් ප්‍රේමදාස මහතා සමග සාකච්ඡා පවත්වා ඇති බව ද ඔහු පවසයි.
කෙසේ වෙතත් පක්ෂයක් ලෙස ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය දක්වන්නේ කුමන අපේක්ෂකයාටදැයි තවමත් තීරණය කරගත නොහැකි වී ඇති බවත්, ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට තනිවම තීරණය කර ඇති බවත් නිමල් සිරිපාල මන්ත්‍රීවරයා සඳහන් කරයි.
ශ්‍රීලනිප-පොහොට්ටු සන්ධානයක් සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පොදුජන පෙරමුණේ නායකයන් සමග සාකච්ඡා පැවැත්වූ නමුන් අවසන් එකඟතාවයකට පැමිණීමට තවමත් අසමත් වී තිබේ.
(LNW)