ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (30) පැවැත්වෙනවා. ඒ, ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.
ඉදිරි ජනාධිපතිවරණයේදී කුමන හෝ පාර්ශ්වයකට සහය දක්වනවාද, නැතහොත් පක්ෂයක් ලෙස තනිව තරග වදිනවාදැයි මෙහිදී තීරණය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය හා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අතර පැවති සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් මෙහිදී විමසා බැලීමට නියමිත බවයි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක, නෙත් නිවුස් වෙත කියා සිටියේ.
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය හා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධානයක් ගොඩ නැගීමට බාධා වී ඇති ලකුණ සම්බන්ධයෙන් නෙත් නිවුස් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් යාපා අබේවර්ධනගෙන් ද විමසීමක් කළා. එහිදී ඔහු සඳහන් කළේ දැන් පවතින තත්ත්වය අනුව ලකුණ වෙනස් කිරීමේ අවස්ථාවක් නොමැති බවයි. කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී හොඳ තීරණයකට පැමිණෙනු ඇතැයි විශ්වාස කරන බවද සඳහන් කළා. "සියයට සියයක් යම් යම් දේවල්වලට එකඟ නොවුනත් අපි හිතනවා ඉදිරියේදී ඉතා හොඳ තත්ත්වයකට එයි කියලා." යනුවෙන්ද සඳහන් කළා.
මේ අතර ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (29) ප්‍රකාශ කළේ පොදු ලකුණකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වියයුතු බවට වූ නිදහස් පක්ෂයේ යෝජනාවට එකඟ වන්නේ නම් පමණක් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත වන බවයි.
(Neth)