Wednesday, August 26, 2026
Follow Us
තොණ්ඩා සජිත්ට කිට්ටු වෙයි

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයෝගය ලබාදීමට ලංකා කම්කරු කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් තීරණය කර ඇති බව වාර්තා වෙයි.

පක්ෂයේ පාර්ලිමේන්තු සහ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ මෙන්ම ආධාරකරුවන්ගේ ඉල්ලීම මත එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට සහයෝගය ලබාදීමට ලංකා කම්කරු කොංග්‍රසයේ ගත් තීරණය මෙම සතියේදී ප්‍රකාශ කිරීමට නියමිතයි.

තම පක්ෂය විසින් හඳුනාගෙන ඇති වතුකරයට බලපා කරුණු 32ක් සම්බන්ධයෙන් ඇමැති සජිත් ප්‍රේමදාස සහ ගෝඨාභය රාජක්ෂ සමග සාකච්ඡා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් පවසයි.

(Lanka Leads)