එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකයන් සියලුම දෙනා මේ වන විට සිරිකොත පක්ෂ මුලස්ථානයට කැඳවා තිබේ. අගමැතිවරයාගේ ප්රධානත්වයෙන් ඉදිරි ජනාධිපතිවරණ මෙහෙයුම් පිළිබඳව මෙම සංවිධායකවරු දැනුවත් කිරීමට සිදුකිරීමට නියමිතව සිටින අතර යම් යම් හේතු මත පසුගිය කාලය තුළ අක්රීයව සිටි එජප පාක්ෂිකයන් මේ මොහොතේ යළි සක්රීය තත්ත්වයට පත් කිරීම සඳහා වන ක්රියාපටිපාටිය අද හමුවේදී සාකච්ජා කිරීමට නියමිත බව සඳහන්.
මේ වන විටත් පක්ෂයෙන් ඈතව සිටි පක්ෂිකයක් යළි පක්ෂය සමඟ එක් වීම අරඹා තිබේ.
අද පස්වරුවේ එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමටද කටයුතු යොදා තිබේ.
(LNW)