Saturday, May 04, 2024
Follow Us
සජිත් කෙහෙල් ඇවරියෙන්

සජිත් ප්‍රේමදාසට එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති ධුර අපේක්ෂකත්වය නොලැබුණහොත් වෙනත් පක්ෂයකින් හෝ තරග කිරීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වේ. ඒ අනුව ඌව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න ලේකම් ධුරය දරන එක්සත් ජාතික නිදහස් පෙරමුණේ කෙහෙල් ඇවරිය ලකුණ යටතේ ඉදිරිපත් වීමට නියමිත බව දැනගන්නට ඇත.

ඒ අනුව සජිත් ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලය ලබන සතියේ කොළඹ වොක්ෂෝල් වීදියේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ලෙස අගමැති රනිල් වික්‍රමසිංහගේ හිටපු පෞද්ගලික ලේකම් සුදත් චන්ද්‍රසේකර පත් කිරීමට සැලසුම් කර තිබේ. මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමේ කටයුතු එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක හා හිටපු ඇමැතිවරයකු වූ ඉමිටියාස් බාකිර් මාකාර්ට භාර දී තිබේ.

(Aruna)