Friday, May 03, 2024
Follow Us
සජිත් පිලේ කැරලි නායක මලික් සටන පාවාදී යළි රනිල් වෙතට !

එක්සත් ජාතික පක්ෂ සජිත් පිලේ කැරලි නායක මලික් සමරවික්‍රම මහතා සටන අතැර යළිත් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයටම එකතු වීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

පෙරේදා (19) පැවති අපනයන සම්මාන උත්සවයේදී හමුවූ ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකුම නව දේශපාලන ප්‍රවණතාවය පිළිබඳ විමසීමේදී මලික් සමරවික්‍රම මහතා ප්‍රකාශ කර ඇත්තේ "ඒක හරියන වැඩක් නෙවෙයි. මේ දේශපාලන ළදරුවොත් එක්ක කිසි දෙයක් කරන්න බෑ ජාතික දේශපාලනය කියන එකේදී. රනිල්ගෙ දේශපාලනයෙයි සජිත්ගෙ දේශපාලනයෙයි ලොකූ වෙනසක් තියෙනවා කියලා මං දැන් තේරුම් අරන් ඉන්නේ" යනුවෙනි.

මෙම ප්‍රකාශය අනුවම සජිත් පිල අතැර යළි රනිල් වික්‍රමසිංහ මහතාටම එකතුවීම සඳහා මලික් සමරවික්‍රම මහතා මේ වනවිට ක්‍රියාත්මක වෙමින් සිටින බවයි අපගේ ආරංචිමාර්ග සඳහන් කළේ.

ඒ අනුව, සජිත් පිලේ දැඩිමතධාරී බලකණු සංඛ්‍යාව හතරේ සිට තුන දක්වා පහළ බසිනු ඇත.

(LNW)