Saturday, May 04, 2024
Follow Us
පක්ෂය බෙදීම වළක්වන්න නම් රනිල්ම එන්න ඕනෑ - අකිල

එක්සත් ජාතික පක්ෂය තුළ බෙදීමක් ඇතිවීම වැළැක්වීම සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාම ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් විය යුතු බවට යෝජනාවක් එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් පක්ෂය වෙත ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කථානායක කරූ ජයසූරිය මහතා දැනටමත් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට කැමැත්ත පළ කර ඇති හෙයින් මේ දෙදෙනා අතර තරගයක් ඇති වුවහොත් පක්ෂය තුළ බෙදීමක් ඇතිවී එය ඉතාම අහිතකර තත්වයක් දක්වා වර්ධනය විය හැකි බවයි මහලේකම්වරයා පෙන්වා දී ඇත්තේ.

එහෙයින් පක්ෂය සමඟි කිරීමේ වගකීම භාරගනිමින් පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාම ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීම වඩාත්ම සුදුසුම පියවර බව මහලේකම්වරයා සිය යෝජනාවෙන් දක්වා ඇති බව සඳහන්.

(LNW)