Tuesday, May 07, 2024
Follow Us
අපි කැමති වුණාට පොහොට්ටුව තමයි පස්ස ගහන්නේ

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දුවක් ගන්නා බව ශ්‍රීලනිප මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (17) මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදී පැවති පක්ෂ ලේකම්වරුන්ගේ රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පොහොට්ටුව සමඟ එකතු වී වැඩකිරීමට ශ්‍රීලනිපයට අවශ්‍යතාව තිබුණත් ඇතැම් පුද්ගලයන්ගේ අනවශ්‍ය ක්‍රියාකලාපයන් හේතුවෙන් තවදුරටත් එකඟතාවකට පැමිණීමට නොහැකි වී ඇති බවයි ශ්‍රීලනිප මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ.

කෙසේවෙතත් අවසන් මොහොත දක්වාම උත්සහ කරන්නේ එකඟතාවකට පැමිණීමට බව මන්ත්‍රීවරයා කියාසිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශවයෙන් විවිධ චෝදනා නගමින් සිටින්නේ එකතු වීමට අකමැති පුද්ගලයන් බවද ජයසේකර මහතා ප්‍රකශ කළේය.

ප්‍රධාන වශයෙන් ලාංජනය සම්බන්ධයෙන් පවතින මත භේදයෙන් පසු ඉන් එහාට පවතින කාරණා පිළිබඳව ඉදිරියේදී මුහුණ දිය හැකි බවද හෙතෙම පැවසුවේය.

(LNW)