Monday, May 06, 2024
Follow Us
කරුගේ ජනප්‍රියත්වය ගැන මුස්ලිම් කොංග්‍රසයට ප්‍රශ්නයක්

දෙමළ ප්‍රගතිශීලී සන්ධානය සමග එක්ව සිටින නියෝජිතයින්ගේ විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වෙනවා. ඉදිරි ජනාධිපතිවරණයේදී සහය ලබාදෙන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරෙන බවයි කඳුරට ජාතික පෙරමුණේ රාජ්‍ය අමාත්‍ය වී රාධාක්‍රිෂ්ණන් නෙත් නිවුස් වෙත පැවසුවේ.

මෙම සාකච්ඡාවට දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් සහ ජාතික කම්කරු සංගමයේ නායක අමාත්‍ය පලනි දිගම්බරන් ද එක්වීමට නියමිතයි.

මේ අතර කුරුණෑගලදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය අමාත්‍ය සජිත් ප්‍රේමදාසට ලැබේයැයි තමන් අපේක්ෂා කරන බවයි.

(Neth)