Monday, May 06, 2024
Follow Us
රනිල් හමුවීමට පෙර සජිත් හමුවීමට TNA බෑ කියයි

එක්සත් ජාතික පක්ෂ නායක, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් හමුවීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබෙනවා.

ඒ, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස හමුවී සාකච්ඡා කිරීමට පෙරයි. එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිය තීරණය ප‍්‍රකාශයට පත් කිරීමට පෙර මෙම සාකච්ඡාව පැවැත්වීමටයි දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇත්තේ.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර චාල්ස් නිර්මලනාදන් පැවසුවේ එක්සත් ජාතික පෙරමුණ හා තම සන්ධානය අතර සාකච්ඡාව හෙට (17) දිනයේ පැවැත්වීමට නියමිත බවයි. ඊට පෙර දෙමළ ජාතික සන්ධානයේ විශේෂ හමුවක් ද හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

දෙමළ ජාතික සන්ධානය හා අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අතර හමුව ඊයේ (15) දිනයේ පැවැත්වීමටයි නියමිතව තිබුණේ. එහෙත්, එම සාකච්ඡා කල්දමා ඇති බව දේශපාලන ආරංචි මාර්ග පසුව ප‍්‍රකාශ කළා.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවීමට පෙර අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස හමුවීමට දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් අකමැත්ත පළ කිරීම ඊට හේතුව ලෙස ද ප‍්‍රකාශ වුණා.

(Neth)