Saturday, April 20, 2024
Follow Us
අගමැති මහින්දට සැත්කමක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සුලු සැත්කමක් සිදු කර ඇති බව අග්‍රාමාත්‍යවරයාට සමීප ආරංචි මාර්ග පවසනවා.

අග්‍රාමාත්‍යවරයා සැත්කම සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර ඇත්තේ 24 දිනයේයි.

මෙම සැත්කමෙන් පසු ඔහු මේ වන විට අරලියගහ මන්දිරයට පැමිණ ඇති බවද නෙත් නිවුස් කළ සොයා බැලීමකදී තහවුරු වුණා.

නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ සැත්කමින් පසු තමා පූර්ණ සුවය ලබා මේ වන විට සුපුරුදු රාජකාරි සිදුකරන බවයි.

අග්‍රාමාත්‍යවරයා රෝහල්ගත කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල විවිධ වාර්තා පළ වීමත් සමඟයි නෙතච් නිවුස් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කළේ. අග්‍රාමාත්‍යවරයාගේ පාදයේ සහ පිට කොන්දේ සැත්කම් දෙකක් සිදු කර ඇති බවට සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණද එම වාර්තා අසත්‍ය බව නෙත් නිවුස් කළ විමසීමකදී තහවුරු වුණා.

(Neth)