Saturday, February 21, 2026
Follow Us
තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකට කොවිඩ් ආසාදනය වෙයි

සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න හට කොවිඩ් වෛරසය ආසදානය වි ඇති බව වාර්තා වනවා.

මේ වන විට මන්ත්‍රීවරිය මාතලේ පිහිටි සිය නිවසේ නිරෝධායනය වෙමින් සිටිනවා.

අද දිනය වන විට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සිව්දෙනෙකුට සහ අමාත්‍යවරයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා.

එලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ අමාත්‍ය සරත් වීරසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, සාරති දුෂ්මන්ත මිත්‍රපාල සහ සාණක්කියා රාජපුත්තිරන් රාසමාණික්කම් යන පිරිසටයි.

(Neth)