වයඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති තනතුර තම හිතවතෙකුට ලබාදෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපි යොමුකර ඇති බව වාර්තා වේ.
මහාචාර්ය එච්. එම්. ඒ. හේරත් මහතා තමන් හොඳින් දන්නා හඳුනන අයෙකු බැවින් එම තනතුර ඒ මහතාට ලබාදෙන ලෙස ඉල්ලමින් පශූ සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා ජනාධිපතිවරයාට යොමු කර ඇති ලිපිය පහතින් දැක්වේ. එම ලිපිය බැලූ බැල්මටම පෙනී යන්නේ සාමාන්‍යයෙන් මන්ත්‍රීවරුන් ලංගමයේ, දුම්රිය දෙපාර්තමේන්තුවේ සුළු රැකියාවන් ලබාදීම සඳහා සිය ඡන්ද දායකයින්ට ලබාදෙන සාම්ප්‍රදායික ලිපි ආකෘතියටම මහාචාර්යවරයාගේ නමත් උපකුලපති තනතුරත් ඇතුළත් කර ඇති බවකි.
(LNW)