Wednesday, April 15, 2026
Follow Us
ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම රැස්වෙයි – ආණ්ඩුවෙන් යන්න තීරණය කරයිද ?

ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද පැවැත්වෙන බව වාර්තා වේ. ඒ ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සහ වර්තමාන දේශපාලන තත්වය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව හෙට දිනයේදී රැස්වීමට නියමිත වේ.

(LNW)