ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන අයට එරෙහිව ගොනුකර තිබෙන නඩුව මාර්තු මස 15 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද නියම කළා.
ඒ, එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
ඉකුත් ජනාධිපතිවරණය සමයේ ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව පවත්වා එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට අගතියක් සිදුකළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබෙනවා.
විත්තිකාර රාජිත සේනාරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ පරිගණක උත්පාදිත සාක්ෂි පරික්ෂා කිරීමට විත්තියට තවමත් හැකියාව නොලැබුණු බව සඳහන් කළා.
මේ පිළිබඳව නඩු විභාගයේ දී විරෝධතා මතු කිරීමට අපේක්ෂා කරන බව ඔහු එහිදී දන්වා තිබෙනවා.
ඒ අනුව මෙම නඩුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා පෙබරවාරි මස 18 වැනිදා කැඳවන බවත් ඉන් අනතුරුව නඩු විභාගය මාර්තු මස 15 වනදා ආරම්භ කරන බවත් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත නියෝග කර තිබෙනවා.
(Neth)