Wednesday, July 09, 2025
Follow Us
සුපිරි ධනවතාගේ ටෙස්ලා කම්හල ලංකාවට ගේන්න වෑයමක්

විපක්ෂනායකවරයාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය

ලෝකයේ අංක එකේ බිලියනපතියා වන ඉලෝන් මස්ක්ගේ ටෙස්ලා විද්‍යුත් කාර් නිපදවීමේ කර්මාන්ත ශාලාවක් ලංකාවේ ආරම්භ කිරීමට අවස්ථාවක් ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ටෙස්ලා සමාගම ඉන්දියාවේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට සැලසුම් කළත් ඔවුන්ට එය කර ගැනීමට නොහැකි වී ඇති බවත් ඉලෝන් මස්ක් හා සාකච්ඡා කර එම අවස්ථාව ලබාගැනීමට අවස්ථාවක් ඇති බවත් ඔහු සඳහන් කළා.

තම පියා සිටියානම් එය සිදුකරන බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසූ අතර පියා ඇඟළුම් කර්මාන්ත ශාලා 200 ආරම්භ කළේ දෙකොන පත්තුවෙන විලක්කුවක් බවට රට පත්ව තිබියදී බවද එහිදී විපක්ෂනායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

(Aruna)