Friday, January 02, 2026
Follow Us
නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයේ තේරීම් කාරක සභාව පත් කරයි

නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයේ තේරීම් කාරක සභාව පත් කර තිබෙනවා.

ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින්. එම තේරීම් කාරක සභාව මගින් පාර්ලිමේන්තුවේ අනෙකුත් කාරක සභා සඳහා සාමාජිකයින් පත් කිරීම සිදු කෙරෙනු ඇති.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව, ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රිවරුන් 12 දෙනෙකුගෙන් සමන්විතයි. දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, ඩග්ලස් දේවානන්ද සහ ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන් මෙන්ම ලක්ෂ්මන් කිරිඇල්ල, ගයන්ත කරුණාතිලක, රාවුෆ් හකීම්, විජිත හේරත් සහ සෙල්වම් අඩෙයික්කලනාදන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඒ අතරට අයත්.

මේ අතර රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් වන කල්තැබීමේ විවාදය අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී ආරම්භ වුණා. විවාදයට එක්වෙමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේ ජනාධිපතිවරයාගේ රාජාසන කථාවේදී ජනතා ගැටළුවලට ප්‍රමුඛතාවක් හිමි නොවූ බවයි.

(Neth)