Friday, January 02, 2026
Follow Us
මෛත්‍රීව පක්ෂයෙන් පන්නන්න ඕන

හිටපු ජනාධිපතිනියගෙන් සැර ප්‍රකාශයක්


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව පක්ෂයෙන් පන්නා දැමිය යුතු බව හිටපු ජනාධිපතිනි, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.

අගමැති මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂය විනාශ කර අවසන් බව එතුමිය පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතු නොවන්නැයි තමන් කළ ඉල්ලීම නොසලකා කටයුතු කළ හෙයින් මෛත්‍රීපාල සිරිසේන මහතාව පක්ෂයෙන් පන්නා දැමිය යුතු බව හිටපු ජනාධිපතිනිය සඳහන් කළාය.

“මම අවුරුදු දෙකක් තිස්සේ කිව්වා.. පොහොට්ටුවත් එක්ක එකතු වෙන්න එපා කියලා. අපි විනාශ වෙනවා කියලා. එහෙම කිව්වා කියලා මාව දේශපාලන මණ්ඩලයෙන් අයින් කරලා.. මගේ සංවිධායක ධුරයත් අයින් කළා. අපි අවුරුදු ගාණක් තිස්සේ කියපුවා දැන් එයා කියනවා. ඉතින්, මේ මිනිහා පන්නන්න එපැයි.”

(Aruna)