Wednesday, July 09, 2025
Follow Us
පාර්ලිමේන්තු නව සැසියට පැමිණි 5කට කොරෝනා

පාර්ලිමේන්තුවේ නව සැසි වාරයට ඊයේ එක් වූ පස් දෙනෙකු කොරා්නා ආසාදිතයින් ලෙස හදුනාගෙන තිබෙනවා.

ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණවලදීයි.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයෙකු, නර්තන කණ්ඩායමක සාමාජිකයෙකු සහ පොලිස් නිලධාරියෙකු ඇතුළු තවත් දෙදෙනෙකු මෙලෙස කොරෝනා ආසාදිතයින් ලෙස හදුනාගෙන තිබෙනවා. පාර්ලිමේන්තුවේ නව සැසි වාරය ඊයේ පැවැත්වුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්.

හදුනා ගැණුනු ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්ද කොරෝනා පරීක්‍ෂණ සදහා යොමුකර තිබෙනවා.

(Neth)