Wednesday, July 09, 2025
Follow Us
ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් මැතිසබයේදී ස්වාධීනවීමේ සූදානමක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ආණ්ඩුවෙන් ඉවත් විම සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් පක්ෂයේ නියෝජිතයින් අතර පවත්වා ඇතැයි වාර්තා වනවා. මේ සම්බන්ධයෙන් ඉදිරියේ පාර්ලිමේන්තුවේදී දැනුම් දීමට තීරණය කළ බවයි පක්ෂයේ ජ්‍යේෂ්ඨ සාමාජිකයෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ.

ජනතාව ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසය පලුදුවීම හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධාන වීමේ අරමුණින් මෙම තීරණය ගත් බවද ඔහු සඳහන් කළා. කෙසේවෙතත් අමාත්‍යධූර දරණ සාමාජිකයින් එම තනතුරුවලින් ඉවත්වනවාද නැද්ද යන්න තීරණය කිරීම අදාළ අමාත්‍යවරුන්ට පවරා ඇති බවටයි වාර්තා වන්නේ. ආණ්ඩුවෙන් ඉවත් වන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇති බවටද වැඩිදුරටත් වාර්තා වනවා.

(Neth)