Friday, January 02, 2026
Follow Us
රේණුකට අලුත් පුටුවක්

පොහොට්ටුවේ පාලක ලේකම් මිල්කෝ එක භාර ගනීද?


මිල්කෝ සමාගමේ නව සභාපතිවරයා ලෙස රේණුක පෙරේරා පත්කර ඇතැයි වාර්තා වේ.

පසු ගිය බ්‍රහස්පතින්දා(13) ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති වරයා ලෙසද රේණුක පෙරේරා පත් කළ බවට වාර්තා විය. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ ධුරයෙන් ඉවත් කර ඒ වෙනුවට රේණුක පෙරේරා පත් කර තිබුණි. කෙසේ වෙතත් පසුව තෙෂාර ජයසිංහගේ සේවය අවසන් කිරීමේ ලිපිය ජනාධිපතිවරයා විසින් යළි කැඳවූ බවට වාර්තා විය.

මිල්කෝ නව සභාපති රේණුක පෙරේරා මීට පෙර නිවාස අධිකාරියේ සභාපති ලෙස ද කටයුතු කළ අතර රාජ්‍ය ඇමතිවරයා සමග ඇති වූ මත ගැටුමක් හේතුවෙන් ඔහු ධුරයෙන් ඉල්ලා අස්විය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම්වරයාද වන රේණුක පෙරේරා මිල්කෝ සභාපති ධුරය භාරගත්තේද නැතිද යන්න පිළිබඳ තවමත් නිල වශයෙන් තහවුරු වී නැත.

(Aruna)