ජනපතිගේ සහභාගීත්වයෙන් චාම් උත්සවයක්
නව වැනි පර්ලිමේන්තුවේ දෙවැනි සභා වාරය අද පෙරවරුවේ ආරම්භ කිරීමට නියමිතයි.
පසුගිය වසරේ අයවැය විවාදයෙන් පසුව පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළා.
ඒ අනුව නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව අද දින පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමට නියමිතයි.
පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කිරීම චාම් උත්සවයක් ලෙසින් පැවැත්විමට නියමිතව තිබෙනවා.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පෙවරු 10ට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරීමට නියමිත අතර ඉන් අනතුරුව එම ප්‍රතිපත්ති ප්‍රකාශනය සඳහා දෙදින විවාදයක් පැවැත්වීමට නියමිතයි.
(Aruna)