අපි බස් එකෙන් බහිනකොට තවත් පිරිස් බහින්න බලන් ඉන්නේ
කවදාහෝ මේ ආණ්ඩුවෙන් එළියට යනවානම් යන්නේ පක්ෂයේ සියලු දෙනාගේ එකමතික තින්දුව අනුව බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රි ෂාන් විජේලාල් ද සිල්වා පවසයි.
ආණ්ඩුව නැමති බසයෙන් ශ්‍රි.ල.නිපක්ෂයේ මන්ත්‍රිවරු බහිනවිට තවත් පිරිසක් බසයෙන් බැසිමට සුදානමින් සිටින බව ඔහු පැවසීය.
ඊයේ (16) හබරාදුවේ දි පැවැති ආසන බලමණ්ඩල රැස්විමට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව සදහන් කළේය.
එහිදී මන්ත්‍රිවරයා මෙසේද කිවේය…..
මේ ආණ්ඩුවේ ඉන්නවාද නැද්ද යන්න පිළිබද තිරණය කිරිමේ දි ශ්‍රි ල.නි පක්ෂයේ මන්ත්‍රිවරු 14 දෙනා අතර කිසිදු බේදිමක් නැහැ. අපි සියලුදෙනා තිරණය කරලා තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට සහාය දෙන්නත්, මේ ආණ්ඩුව පිහිටුවන්නත් තිරණය කළේ. ඒ නිසා ආණ්ඩුවෙන් යන දිනක අපි යන්නේ පක්ෂයේ සියලුදේනාගේ එකමතික තින්දුවකට අනුවයි.
මේ ආණ්ඩුව බස්රථයක් නම් බසයේ රියදුරු හරි නැහැ කියලා පෙනවානම් අනික් වාහනවල හප්පනවා වගේ පේනවා නම් අපරික්ෂාකාරි ලෙස රියපදවනවානම් බෙල්එක ගහලා නැතිනම් කැගහලා හරි බස්එක නවත්වන්න කියලා බසයෙන් බහින්න වෙනවා. ආණ්ඩුව නැමති බස් රථයේ නගිනවිට හිටියේ අපි 14 දෙනයි. අපි බස් රථයේ යනවිට අපි 14 දෙනාට වඩා දෙතුන් ගණයක කට්ටියක් අපෙන් අහනවා බොල බහිනවාද බහිනවෙලාවට කියාපන් අපිත් බහින්න කියලා. යන බසයකින් බහිනවිටත් බහින කලාවක් තියෙනවා එක්කෝ බස් රථය නතර කරන්න ඕන නැතිනම් බස්රථය සෙමින් යන්න ඕන. නමුත් අවසානයේ බසය නතරකළේ නැතිවුවත් සෙමින් ගියේ නැතවුවද ජනතාව වෙනුවෙන් තින්දුවක් ගන්න වෙනවා අපි බහිනකොට තවත් බහින්න කට්ටිය ඉදිවි යැයිද ෂාන් විජේලාල් ද සිල්වා පැවසිය.
(Aruna)