සත්‍ය සොයන්න කියලා කාදිනල් හිමියන් ආරක්ෂක අංශයට කියනවා
තම පාලනයක් යටතේ පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන්ට දිය හැකි උපරිම දඬුවම් ලබාදීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
හැටන් නගරයේ පැවති වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායකවරයා එම අදහස් පළ කළේය.
සමගි ජන බලවේගයේ මස්කෙළිය බලමණ්ඩලයේ සාමාජිකයන් අතර හමුවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) සංවිධානය කර තිබුණි.
එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,
“සත්‍ය සොයන්න කියලා කාදිනල් හිමියන් ආරක්ෂක අංශයට කියනවා. පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් ටිකත් අද අල්ලන්න බැරිවෙලා තිබෙනවා මේ ආණ්ඩුවට. මේ සිද්ධිය නිසා ආණ්ඩුව කතෝලික ප්‍රජාවගේ දැඩි විවේචනයට ලක්වෙලා තිබෙනවා. මෙතනින් නිර්මාණය වෙනවා අවිශ්වාසය. මේක හොඳ දෙයක් ද? විනිවිඳභාවයෙන් යුත් පරීක්ෂණයක් පවත්වන්න. පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන්ට ලබාදිය යුතු දැඩිම දඬුවම ලබාදෙන්නට සමගි ජනබලවේග රජයක් තුළ අපි කටයුතු කරනවා.”
(Aruna)