ආණ්ඩුව පළාත් පාලන ආයතන මැතිවරණය කල් දැමුවේ ජන මතයට බියෙන් බව සමගි ජන බලවේගය පවසනවා. එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ ජනතාවට මුහුණදීමට ආණ්ඩුවට නොහැකිවී ඇති බවයි.
මෙම චෝදනාව සම්බන්ධයෙන් නෙත් නිවුස් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ පැවති යහපාළන ආණ්ඩුව සමයේ අවසන් වසර දෙකේදී පළාත් පාලන ආයතනවලට සිය කටයුතු සිදු කරගෙන යාමට ඉඩ නොලැබුණු බවයි. අහිමිවී ගිය කාලය අදාළ ආයතනවලට ලබාදීමේ අරමුණින් මෙලෙස පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ ධුර කාලය දීර්ඝ කළ බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.
පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ ධුර කාලය 2023 මාර්තු 19 වනදා දක්වා දීර්ඝ කරමින් පෙරේදා ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණා. ඒ අනුව නගර සභා, මහ නගර සභා හා ප්‍රාදේශී්ය සභා සභිකයින්ගේ ධුර කාලය දීර්ඝ වනු ඇති.
(Neth)