ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ ලබාදී ඇති සභාව කල් තැබීමේ විවාදය ප්‍රමාණවත් නොවන බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසනවා.
ඒ, අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
9 වන පාර්ලිමේන්තුවේ 2 වන සැසිවාරය ආරම්භ වන ලබන අඟහරුවාදා ජනාධිපතිවරයා විසින් ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඊට අදාළ සභාව කල් තැබීමේ විවාදයක් ලබන බදාදා සහ බ්‍රහස්පතින්දා යන දින දෙකේදී පැවැත්වීමටයි අද පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී ඇත්තේ.
(Neth)