Monday, April 29, 2024
Follow Us
මාත් මේ කල්පනා කරන්නේ ඒ ගැන

අමාත්‍ය මණ්ඩල සංශෝධනය ගැන ඇමති විමල් කියූ දේ


අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ගැන තමන් කිසිවක් නොදන්නා බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍යවරයා ඒ බව පැවසුවේ අද (06) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මාධ්‍යවේදියා – “ආණ්ඩුව විවේචනය කරන අයව ක්ෂණිකව ඉවත් කරනවා නේද? සමහරු චෝදනා කරනවා ඒත් ඔබතුමා ඉන්නවා කියලා.”

විමල් වීරවංශ – “ඒකට ඉතින් මම කොහොමද උත්තර දෙන්නේ. මාත් මේ කල්පනා කරන්නේ ඒ ගැන. “

මාධ්‍යවේදියා – “ඒ කියන්නේ ඔබතුමාත් ඉන්නේ ඇයි කියලා ද?”

විමල් වීරවංශ – “ඔයා අහපු ප්‍රශ්නය ගැන මං කිව්වේ (සිනාසෙමින්)”

“අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ගැන මං කිසිදෙයක් දන්නේ නෑ. සියලු සංස්කාරයෝ නැසෙන සුළුය. ඇති නේ. අපි තේ එකක් බීලා එන්නම්.”

(Aruna)