Saturday, July 12, 2025
Follow Us
රෝද තුනෙන් ගෙදර ගිය පසු රෝද 04 ක් ලැබුණු හැටි සුසිල් හෙළි කරයි

රටේ අනාගත දේශපාලනය පෙළ ගැසෙන ආකාරය අනුව සිය ඉදිරි දේශාපලන ගමන් මග තීරණය වනු ඇති බව හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා. කිසිදු දේශපාලන පක්‍ෂයකට අයත් නොවන විශාල පිරිසක් විකල්පයක අපේක්‍ෂාවෙන් පසුවන බවයි හිටපු රාජ්‍ය අමාත්‍යවරයා නෙත් නිවුස් සමග සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ.

මේ අතර රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු ත්‍රීරෝද රථයකින් එම අමාත්‍යාංශයෙන් පිටව යාම සම්බන්ධයෙන් විවිධ පාර්ශව විවිධ අදහස් පළ කර තිබුණා.

ඇතමුන් පවසා තිබුණේ වසර ගණනාවක් පළාත් සභාව සහ පාර්ලිමේන්තුව නියෝජනය කර ඇති හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්තට පුද්ගලික වාහනයක් නොමැතිවීම විශ්වාස කළ නොහැකි බවයි. ඒ සම්බන්ධයෙන්ද නෙත් නිවුස් ඔහුගෙන් කරුණු විමසුවා.

(Neth)