Saturday, July 12, 2025
Follow Us
හොරකම නතර කළොත් රටේ ණය බරෙන් අඩක් ගෙවිය හැකි බව ජවිපෙ කියයි

රටේ පවතින දූෂණ සහ අක්‍රමිකතා නතර කරගත හොත් පවතින ණය බරෙන් අඩක් ගෙවාගත හැකි බව ජනතා විමුකිත් පෙරමුණ පවසනවා. එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පැවසුවේ හොරකම් සහ වංචා මැඩපැවැත්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම සිය පාලනයක් යටතේ සිදු කෙරෙන පළමු පියවර වන බවයි. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

දේශපාලඥයින් පමණක් නොව දූෂණ සහ අක්‍රමිකතා සඳහා ඔවුන්ට සහය දෙන නිලධාරීන්ට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

(Neth)