Friday, January 02, 2026
Follow Us
ආණ්ඩුවට එරෙහි ප්‍රකාශ ගැන මෛත්‍රීගෙන් ශ්‍රීලනිපයේ මන්ත්‍රී කණ්ඩායමට දැනුම්දීමක්

ආණ්ඩුව පිළිබඳ විවේචනාත්මක ප්‍රකාශ නිකුත් කිරීමට පෙර ඒ පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට දැනුම්දෙන ලෙස එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමට දැනුම්දී තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කෙරුණු සුසිල් ප්‍රේමජයන්ත් ආණ්ඩුව සම්බන්ධයෙන් ඉකුත් දා පළ කළ විවේචනාත්මක ප්‍රකාශයත් සමග එම පක්ෂය මෙම තීරණයට එළඹි බවයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මධ්‍යම කාරක සභාව රැස්වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි තීරණ ප්‍රකාශයට පත් කරන බව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එම ජ්‍යෙෂ්ඨ සාමාජිකයා නෙත් නිවුස් වෙත සඳහන් කළා.

(Neth)