Saturday, July 12, 2025
Follow Us
දොස්තර රාජිතටත් කොවිඩ් වැළඳෙයි

කොවිඩ් උවඳුරට බිළි වූ හිටපු සෞඛ්‍ය ඇමති

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් (rapid antigen) පරීක්ෂණයකින් ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

මේ අනුව රාජිත සේනාරත්න මහතා නිවෙස් නිරෝධායනයට යොමු කර ඇති බවත් වෛද්‍ය අධීක්ෂණය ‍‍යටතේ අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන බවත් වාර්තා වුණා.

එමෙන්ම හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගිය දින කිහිපය තුළදී සමීපව ඇසුරු කළ පුද්ගලයින් ගණනාවක්ද මේ වන විට නිවෙස් නිරෝධායනයට ලක් කර තිබෙනවා.

කෙසේ වෙතත් රාජිත සේනාරත්න මහතාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමින් පවතින බවටයි වාර්තා වන්නේ.

(Aruna)