Saturday, July 12, 2025
Follow Us
අගමැති ධුරය කවුරුවත් නොහිතපු තැනකට

බැසිල් අගමැති කරන්න ප්‍රචාරක ව්‍යාපෘතියක්


තමන් අගමැති ධූරයෙන් ඉවත් වීමේ කිසිදු සූදානමක් නැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජාතික පුවත්පතක් වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

මෙරට ඇති අදහස් පළ කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය භාවිතා කරමින් ඇතැමුන් අසත්‍ය ප්‍රචාර පතුරුවා හරින බව හෙතමෙ මෙහිදී වැඩි දුරටත් පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම මෙරට ඉංග්‍රීසි පුවත්පතක් වාරතා කර ඇත්තේ ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පත් කරනු ඇති බවට ප්‍රචාරක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන බවයි.

වසර මුල දී ‍ කැබිනට් සංශෝධනයක් සිදු කරනු ඇති අතර අඩුම තරමින් අමාත්‍යංශ හයක්වත් මෙසේ සංශෝධන වනු ඇති බවද එම පුවත වාර්තා කර ඇත.

ජනාධිපති ලේකම්වරයා ඇතුළු පරිපාලන ප‍්‍රධානීන් විශාල පිරිසක්ද මේ සමග වෙනස් කිරීම සිදු වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග උපුටමින් එම වාර්තාව සඳහන් කරයි.

ජනාධිපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පී.බී. ජයසුන්දර මහතා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු ලෙස පත් කිරීමට ද යෝජනා වී ඇතැයි ද එම වාර්තාවේ තවදුරටත් සඳහන් කරනවා.

(Aruna)