Friday, January 02, 2026
Follow Us
ගහලා බැන්දත් එකයි බැඳලා ගැහුවත් එකයි - මිල අඩු කළත් නැතත් පාඩුව ජනතාවට

සමස්ත ලෝකයම ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බැවින් සහන නොඉල්ලා ඉවසාගෙන සිටීමට ජනතාව කටයුතු කළයුතු බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. රට වෙනුවෙන් සියලු දුෂ්කරතා විඳීමට ජනතාව ඉදිරිපත් වියයුතු බවයි ඇමතිවරයා පවසන්නේ.

පසුගිය කාලයේදී ඉන්ධන මිල ස්ථාවර පවත්වාගෙන ගියේ විශාල පාඩුවක් විඳිමින් බවත්, එම පාඩුව තවදුරටත් විඳීමට ඛනිජ තෙල් සංස්ථාවට නොහැකි බවත් ඔහු පෙන්වා දෙනවා.

තවදුරටත් පාඩු පිට තෙල් ලබාදීමට සිදු වුවහොත් එහි පාඩුව විඳීමට සිදුවන්නේද ජනතාවට බව පෙන්වා දෙන ජොන්ස්ටන් ඇමතිවරයා, 'ගහලා බැන්දත් එකයි - බැඳලා ගැහුවත් එකයි' යනුවෙන් පවසනවා.

කුමන තත්වයක් මත වුවද ජනතාව බඩගින්නේ තැබීමට ආණ්ඩුව සූදානම් නොමැති බවත්, යහපාලන රජය මෙන් ජනතාවට ක්‍රෝටන් කොළ කැවීමට උත්සාහ නොකරන බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

(LNW)