Friday, January 02, 2026
Follow Us
පළාත් සභා මැතිවරණය කල්දැමීමේ යෝජනාවක් කැබිනට්ටුවට ඇවිත් නෑ - ඇමති දිනේෂ්

පළාත් සභා මැතිවරණය කල්දැමීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර නොමැති බව සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (19) ගෙලිඔය ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

කෙසේවෙතත් පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පසුගිය සතියේදී ප්‍රකාශ කර තිබුණේ පළාත් සභා මැතිවරණය වසරකින් කල්දැමීමට රජය තීරණය කර ඇති බවකි.

(LNW)