ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ යම් හැලහැප්පීම් පවතින නමුත් රජයේ මූලික අරමුණ වන්නේ ඒ සියල්ල මැද පවා රට ගොඩනැඟීම බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා මහතා පවසයි.
"මං කියන්නෙ නෑ අපේ පක්ෂයේ යම් හැලහැප්පීම් නෑ කියලා. හැලහැප්පීම් තියෙනවා. හැලහැප්පීම් තියෙද්දී තමයි අපි ඉදිරියට යන්න ඕනෙ.
අපේ පක්ෂය ගොඩනඟන්න බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිතුමා කොච්චර කැපවුණාද කියලා අපි කවුරුත් දන්නවා. කවුරු කොහේ කොහේ ගියත් අපි ඉන්නවා, අපි යන්නෙ නෑ.
තමුන්නාන්සෙලා දන්නවා මම කොහොමද වැඩ කරන්නෙ කියලා. පක්ෂ පාට භේද මං බලන්නෙ නෑ. ගිය ආණ්ඩුවෙන් කොහොමද වුණේ කියලා ඔයගොල්ලන් කවුරුත් දන්නවා මොකක්ද වුණේ කියලා. ආපු ගමන්ම රාජපක්ෂවරුන්ගෙන් පළිඅරගෙන, මුලින්ම පළිගත්තෙ මගෙන්. ඒකෙ අලුතින් කියන්න දෙයක් නෑනෙ. ඉතිං ඒ නිසා මම තමුන්නාන්සෙලාත් එක්ක ඉන්නවා, එන මැතිවරණයේදී මම තමුන්නාන්සෙලා ළඟට එනවා. මම ඡන්දෙ ඉල්ලයිද නැද්ද දන්නෙත් නෑ. මම මේ සභාපතිකම් ගත්තෙ සල්ලි ගන්නවත් කොමිස් ගහන්නවත් නෙවෙයිනෙ, ඕගොල්ලන් දන්නවානෙ. මේ රට ගොඩනඟාගන්න තමයි අවශ්‍ය.
ඉතිං අපේ රටේ යම්කිසි වාතාවරණයක් තියෙනවා. අපි ඒවාට මුහුණ දෙන්න ඕනෙ. අපි ඒකෙන් ගොඩ එන්න ඕනෙ. මොකද අපි ආයෙත් යූඑන්පී එකට දෙන්නද මේක ? එහෙම කරන්න බෑනෙ ... යූඑන්පීය මොනවද කළේ ? තමුන්නාන්සෙලා දන්නවානෙ. මේ නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සියලු දෙනාගෙන්ම යූඑන්පීය පළිගත්තා විතරයි, වෙන කිසිදෙයක් කළේ නෑ''
දුමින්ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (18) නාරාහේන්පිට ප්‍රදේශයේ අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස කිහිපයකට මුල්ගල් තැබීමේ අවස්ථාවකට එක්වෙමිනි.
(LNW)