Friday, January 02, 2026
Follow Us
මේ සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමට අගමැති මහින්ද එයිද ?

මේ සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වය අවිනිශ්චිත මට්ටමක පවතින බව සමීප ආරංචිමාර්ග පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ වනවිට සිටින්නේ සිය පවුලේ සාමාජිකයින් ද සමග නුවර එළියේ පිහිටි අග්‍රාමාත්‍ය මන්දිරයේ ය.

ආණ්ඩුව අභ්‍යන්තරයේ පවතින තියුණු ආරවුල් සහ කඹ ඇඳීම් මෙන්ම ඉදිරියේදී සිදුකිරීමට යෝජිත කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් ද තරමක කළකිරීමකින් හා නොසතුටින් පසුවන ඒ මහතා දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වීම ද සීමාකර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ඒ අනුව ඒ මහතා තමන්ට ඇමතුම් ලබාදුන් සිය සමීපතමයින් කිහිපදෙනෙකු සමග පවසා ඇත්තේ තමන්ට දැඩි වෙහෙසකර ස්වභාවයක් දැනෙනා හෙයින් තරමක විවේකයක් ලබාගත යුතු බවකි.

(LNW)