පොහොර හිඟය හේතුවෙන් සිදුවන වගා හානි සඳහා ගෙවන වන්දි මුදල නිශ්චිතව දක්වමින් ආණ්ඩුව ගැසට් නිවේදනයක් නිකුත් කළයුතු බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මහතා පවසයි.
"ආණ්ඩුවෙන් දෙනවා කියපු කොම්පෝස්ට් පොහොරත් නෑ. චීන අසූචි ටිකත් ගෙනාවෙ නෑ. ආණ්ඩුව මේ හානිවෙන වගාවන් ඔක්කොටම මෙන්න මෙච්චර මුදලක් ගෙවනවා කියලා දැන් ගැසට් කරන්න ඕනෑ. මිනිස්සුන්ට කන්න විදියක් නෑ, හාල් ගිනි ගණන්, එළවලු ගැන හිතන්නවත් බෑ. එහෙම තියෙද්දී රටේ මිනිස්සු කඳුළුයි බතුයි කනකොට මේ ආණ්ඩුවෙ ඉන්න මහ එකාගෙ ඉඳලා අනිත් සේරම දෙනා අද රට සවාරි ගහනවා"
පී. හැරිසන් මහතා මේ බව පැවසුවේ ඊයේ (18) අනුරාධපුර ප්‍රදේශයේ පැවති ගොවි උද්ඝෝෂණයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
(LNW)