Friday, January 02, 2026
Follow Us
අසූචි නැවකට වන්දි ගෙවන ලෝකයේ එකම රට ලංකාවයි - දයාසිරිගෙන් ආණ්ඩුවට යළි දරුණු ප්‍රහාරයක්

අසූචි නැවකට ඇමරිකානු ඩොලර් මිලියන 6.7ක් ගෙවීමට මේ රටේ ජනතාවට සිදුව ඇති බවත් අසූචි නැවකට වන්දි ගෙවූ ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

"සතයකවත් පොහොර බිඳක්වත් අපට ලැබෙන්නෙත් නැතුව කොහෙවත් යන අසූචි නැවකට අපට සල්ලි ගෙවන්න වෙලා, මේ රටේ ජනතාවට. ඒ සල්ලි ලංකාවෙ ජනතාවගේ සල්ලි. කාගෙවත් මේ පුද්ගලිකව ගෙදරින් ගෙනල්ලා දෙන ඒවා නෙවෙයිනෙ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේකට වගකීම දරණ අයගෙන් ඒ ඩොලර් මිලියන 6.7 අය කරගන්න ඕනෙ. මේ රටේ සාමාන්‍ය ජනතාවට මේ බර පටවන්න ඕනෙ නෑ, මොකද හේතුව මේවා ජනතාවගේ වැරදි නෙවෙයි. මේවා මේ පාලකයෝ සමහර කට්ටිය කරන වැරදිවල ප්‍රතිඵල.

හැබැයි කොහොමද මේ තුන්වෙනි පරීක්ෂාවට ලක්කරනවා කිව්වෙ ? අපේ මහින්දානන්ද ඇමතිතුමා බොහොම පැහැදිලිව කිව්වා ඒවා අපි එකක්වත් බාන්නෙත් නෑ, ඒගොල්ලොන්ට සල්ලි දෙන්නෙත් නෑ, ඒගොල්ලොන්ට ආපහු යන්න කියනවා කියලා. හැබැයි දැන් එතුමා කියනවා ඩොලර් මිලියන 6.7ක් ගෙවන්න වෙනවා කියලා. ඉතිං මං දන්නෑ මොකක්ද මේකෙ තියෙන ..... ඉතිං පොහොර දැකපුත් නැති, පොහොර පාවිච්චි කරපුත් නැති අයට පොහොර නැවකට ඩොලර් මිලියන 6.7ක් ගෙවන්න වෙලා තියෙනවා. මං හිතන්නෙ ලෝකෙ අසූචි නැවකට වන්දි ගෙවපු එකම රට ලංකාව"

දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (17) මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(LNW)