Friday, January 02, 2026
Follow Us
වාර අවසන් කළේ අපිව අයින් කරන්න කියලා කතාවක් තියෙනවා. අපිත් දන්නෙ නෑ - කෝපා සභාපති

පාර්ලිමේන්තුව හදිසියේම වාර අවසන් කළේ තමන්ව තනතුරින් ඉවත් කිරීම සඳහා යැයි කතාවක් පැතිරෙමින් තිබෙන බවත් එහි සත්‍ය අසත්‍යතාවය තමන් නොදන්නා බවත් රාජ්‍ය ගිණුම් කාරක සභාවේ (කෝපා) සභාපති, මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.

"රේගුවෙන් වාහනයක් ඇතුළු වෙන්නෙ අඩුම බද්ද තියෙන ඇම්බියුලන්ස් එකක් කියලා සටහන් කරලා. හැබැයි පිටවෙලා යනකොට මර්සිඩීස් බෙන්ස් ඩිලුක්ස් එකක් තමයි පිටවෙන්නෙ. ඒ මට්ටමට මේ මහජන මුදල් ඇත්ත වශයෙන්ම හොරකම් කරනවා.

කෝපා කමිටුවේ යෝජනා කරන්න විතරයි පුළුවන්, ඒ අදාළ ඇමතිට තමයි පියවර ගන්න පුළුවන්කම තියෙන්නෙ. උදාහරණයක් හැටියට මම යෝජනා කළා ඒ ඒ තක්සේරු කරන අවස්ථාවේදී ගෙනාපු කෙනා කියයිනෙ මොකක්ද එයාලාගෙ මතය, සාධාරණ ගාණ හැටියට. එහෙනම් ඒ ගාණවත් එතන මුල ඉඳලාම එකතු කරන්න, එතකොට යම් මුදලක් ආණ්ඩුවට එනවා කියලා. මේවා යෝජනා කළාට මොනවද වෙන්නෙ කියලා මට කියන්න බෑ.

කතාවක් තියෙනවා අපිව මේ තනතුරෙන් ඉවත් කරන්න තමයි මේ පාර්ලිමේන්තුව කල්දාලා තියෙන්නෙ කියලා. ඒක ඇත්ත වෙන්න පුළුවන්, නොවෙන්නත් පුළුවන්. අපි දන්නෙ නෑ"

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස විතාරණ මහතා මේ බව පැවසුවේ ඊයේ (17) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)